දේශීය

20 වැනි සංශෝදනය ගැන විවාදය අද සහ හෙට

(UTV | කොළඹ) – 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු විවාදය අද (21) දිනයේ ආරම්භවීමට නියමිතව තිබේ.

අද සහ හෙට (22) පෙරවරු 10.00 සිට රාත්‍රී 7.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර හෙට (22) රාත්‍රියේ ඒ සඳහා වන ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සඳහන් කළේ , හෙට රාත්‍රීයේ විවාදය අවසන් වීමෙන් පසු කාරක සභා අවස්ථාව ආරම්භවන අතර විවාදය පැවැත්වෙන දින දෙක තුළ දී පාර්ලිමේන්තු ආරම්භයේ දී පැවැත්වෙන වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ප්‍රශ්න සභා ඝර්භය තුළ දී ඉදිරිපත් නොකරන අතර දිවා විවේකය සඳහා පාර්ලිමේන්තුව අත්හිටුවීමක් ද සිදුනොවන බවයි.

 

 

Related posts

ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරීම වළක්වා ගන්න පාසල් දරුවන්ට මුහුණ ආවරණ පළඳවන්න – සෞඛ අංශ ඉල්ලීමක් කරයි.

Editor O

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට සැරසෙයි

Mohamed Dilsad

නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීත්වය රියර් අද්මිරාල් රුවන් පෙරේරාට

Mohamed Dilsad

Leave a Comment