දේශීය

කොට්ටාවේත් ආසාදිතයින් සිව් දෙනෙක්

(UTV |කොළඹ) – කොට්ටාව නගර සභා මාළු වෙළෙඳසැළ තාවකාලිකව වසා දමා තිබේ.

ඒ කොවිඩ් -19 පැතිරීමේ අවදානම හේතුවෙනි.

කොට්ටාව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එම්. තිලකරත්න මහතා සඳහන් කළේ අදාළ මාළු වෙළෙඳසැළේ පුද්ගලයින් සිව් දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනයවී ඇති බව තහවුරු වූ බවයි.

එම රෝගීන් සිව්දෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා කළුතර පිඹුර රෝහලට ඇතුළත් කර තිබේ.

අදාළ පුද්ගලයින් සමග සෘජු සබඳතා පැවැත්වු පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට පියවර ගනිමින් සිටින බව ඩී.එම්. තිලකරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

හපුතලේ සිදුවූ ගුවන් යානා අනතුර ගැන සෙවීමට කමිටුවක්

Mohamed Dilsad

විනිසුරු වැටුප්වලින් බදු අය කිරීම ගැන අධිකරණය දුන් නියෝගය

Mohamed Dilsad

හෙට අගමැතිගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment