දේශීය

කෑගල්ලේ වෛද්‍යවරියන් තිදෙනෙකු ඇතුළු 23 කට කොරෝනා

(UTV |කෑගල්ල) – මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් නයින්ටීන් රෝගීන් 23 දෙනෙකු හඳුනාගෙන ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසයි.

මෙම ආසාදිතයින් අතර කෑගල්ල රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරියන් තිදෙනෙක් ද සිටින බව අනාවරණය වී තිබේ.

“කෑගල්ල රෝහලේ භාහිර රෝගී අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරියන් තිදෙනෙක්ට කොරෝනා රෝගය ආසාදනය වු බවට අපිට  තහවුරු වුණා. එයින් එක් වෛද්‍යවරියක්ගේ ස්වාමිපුරුෂයාට රෝගය වැළඳී ඇති බවටද  අනාවරණය වුනා. ඊට අමතරව, ඇයගේ පුතාට රෝගය වැළඳී තිබුණා. එම වෛද්‍යවරියගේ බාල දියණිය සහ ගෘහ සේවිකාවට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. මේ වන විට අපි ඔවුන්ව කොළඹ IDH රෝහල වෙත පිටත් කර යවා තිබෙනවා.”යයි වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පැවසුවේය.

Related posts

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය රෝහලක් බවට පත්වෙයි

Mohamed Dilsad

මා රටේ වගකීම භාර නොගත්තා නම් අද බංග්ලාදේශයේ ඇතිව තිබෙන තත්ත්වයට එදා ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වෙනවා – ජනපති

Editor O

කොවිඩ් 19 අරමුදලට යැයි පවසමින් මුදල් වංචා කිරීමේ තොරතුරු වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment