දේශීය

ඇඳිරි නීතිය ප්‍රදේශවල විභාග සිසුන්ට හා කාර්ය මණ්ඩලයට බාධාවක් නැහැ

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශවල විභාගවලට පෙනී සිටින සිසුන්, අධ්‍යාපන, සෞඛ්‍ය සහ ආරක්ෂක කාර්ය මණ්ඩල සඳහා ගමනාගමන කටයුතුවලට අවස්ථාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල විභාග රාජකාරියේ යෙදෙන නිළධාරීන්ට ජාතික හැදුනුම්පත සමග විභාග රාජකාරී පත්වීමේ ලිපිය ඉදිරිපත් කර අදාළ රාජකාරී සදහා වාර්තා කිරීමට පොලීසිය විසින් අනුමැතිය ලබාදී ඇත.

නොඑසේනම් අදාළ නිළධාරින්ට රාජකාරී සදහා වාර්තා කරන ලෙස විභාග දෙපාර්තමේන්තුවෙන් එවන ලද කෙටි පණිවිඩයද ඒ සදහා ඉදිරිපත් කළ හැක.

උසස් පෙළ විභාගය සදහා මුහුණ දෙන අපේක්ෂකයන් හා විභාග රාජකාරි සදහා වාර්තා කරන නිළධාරීන් වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය හා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව විශේෂ ප්‍රවාහණ සේවා ක්‍රියාත්මක බව ද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

Related posts

විශ්‍රාම වයස සංශෝධනයට අනුමැතිය

Mohamed Dilsad

කෘත්‍යාධිකාරියට යාමට සජිත් කණ්ඩායමෙන් කොන්දේසි

Mohamed Dilsad

රිය අනතුරින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment