දේශීය

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවයි

(UTV| කොළඹ) –   නැවත දැනුම් දෙනතුරු විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලුම සේවා තාවකාලිකව අත්හිටුවා ඇත.  

විදේශ අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ, කොවිඩ්- 19 වෛරසය පැතිරීම වැළැක්වීම පාලනය කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස මහජනතාවගේ එක්රැස් වීම සීමා කිරීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව, කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටා ඇති කොන්සියුලර් කටයුතු අංශය, නැවත දැනුම් දෙන තෙක් අපනයන ලේඛන සහතික කිරීම සඳහා එම අංශයට පැමිණෙන අපනයනකරුවන් ඇතුලු බාහිර පුද්ගලයන් සඳහා වසා තැබෙනු ඇති.

නැවත දැනුම් දෙනතුරු මාතර සහ යාපනයේ පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල දෙකෙන් ද ලේඛන සහතික කිරීමේ සේවා ලබා නොදෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය තවදුරටත් දැනුම් දී සිටී.

 

BE INFORMED WHEREVER YOU ARE
எங்கிருந்தாலும் உடனுக்குடன்
කොතැන සිටියත් ඔබ දැනුවත්

Related posts

සිවිල් ගුවන් සේවා අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

Mohamed Dilsad

මැතිවරණය සම්බන්ධයෙන් ලබන සඳුදා අධිකරණයට විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

රිෂාඩ්ව මැති සභයට සහභාගී කරගැනීමට කතානායකගේ කැමැත්ත

Mohamed Dilsad

Leave a Comment