දේශීය

හෝමාගම නගරයෙනුත් කොරෝනා රෝගියෙක්

(UTV |හෝමාගම) – හෝමාගම නගරයේ පිහිටි වෙළඳ සංකීර්ණයේ මාළු වෙළඳසැලක හිමිකරුවෙකු කොරෝනා ආසාදිතයෙකු බවට අනාවරණය වී තිබේ.

මේ අනුව අද සිට එම වෙළඳසැල වසාදැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

වෙළඳසැල් හිමිකරුගේ පවුලේ සාමාජිකයින් සහ වෙළඳසැලේ සේවකයන් පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

එම මාළු වෙළඳසැලේ හිමිකරු පෞද්ගලිකව සිදුකළ PCR පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔහු ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබේ.

Related posts

ළමුන් 40ක් ලෙඩ කළ හික්කඩුවේ හෝටලයක් වටලයි

Mohamed Dilsad

වකුගඩු රෝගීන් ජීවිතයත් මරණයත් අතර සටනක

Mohamed Dilsad

තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ, දොරටු විවර කරන Sri Lanka Tourism Job Fair and Career Expo 2025 සාර්ථකව අවසන් වෙයි

Editor O

Leave a Comment