දේශීය

උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

(UTV| කොළඹ) – 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු ලබන සඳුදා නිකුත් කිරීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාලවලට සඳහා සිසුන් 41,500 ක් බඳවා ගන්නා බවද ඒ මහතා පවසයි.

වෛද්‍ය, ඉංජිනේරු ආදී උපාධි පාඨමාලා කිහිපයක් සඳහා මෙවර බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ද ඉහළ නංවා ඇත.

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය, නව සහ පැරණි විෂය නිර්දේශ දෙකම යටතේ පැවැත්විය.

 

Related posts

වැල්ලවත්ත ප්‍රදේශය සම්බන්ධයෙන් පැතිරයන පුවත් අසත්‍යයි – පොලිසිය

Mohamed Dilsad

යුරෝපා සංගමයට යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධ බදු ප්‍රතිපත්තිය සංශෝධනයට

Mohamed Dilsad

දහම් පාසල් අද සිට යළි ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment