දේශීය

හෙට සිට තවත් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුයි.පොදු ප්‍රවාහන සේවාත් කොටුවට ඒම නවතී

(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමත් සමග මගී ජනතාව අඩුවීම හේතුවෙන් තවත් දුම්රිය ගමන්වාර කිහිපයක් නැවත දැනුම් දෙනතුරු අවලංගු කෙරේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පුත්තලම මාර්ගයේ කොළඹ කොටුව සිට හලාවත දක්වා උදෑසන 9.35ට, දහවල් 2.35ට, සහ සවස 6.5ට ධාවනයවීමට නියමිව තිබූ දුම්රියත්, පුත්තගම මාර්ගයේම කොළඹ කොටුව සිට පොල්ගහවෙල දක්වා සවස 4.40ට , සවස 5.20ට, සවස 5.40ට, සවස 6.45ට සහ කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා සවස 5.50ට ධාවනයවීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර අවලංගු කර ඇති බවයි.

මුහුදුබඩ මාර්ගයේ මරදාන සිට අලුත්ගම දක්වා දහවල් 11.10ට, දහවල් 2.05ට, සවස 4.45ට, සවස 6.25ට, සවස 7.45ට සහ මරදාන සිට පානදුර දක්වා දහවල් 3.20ට ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර ද අවලංගුකර ඇත.

එමෙන්ම කැලණිවැලි මාර්ගයේ සවස 4.25ට කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනයවීමට නියමිතව තිබූ දුම්රියත් සවස 6.30ට කොළඹ කොටුව සිට කොස්ගම දක්වා ධාවනයවීමට නියමිතව දුම්රිය ගමන්වාරයන් ද අවලංගු කිරීමට තීරණය කර තිබේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය පිහිටි ප්‍රදේශයට ඇඳිරිනීතිය පනවා ඇති බැවින් ගාල්ල දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හැර කොළඹ කොටුවෙන් ආරම්භ වන සෙසු සියලු රාත්‍රී තැපැල් දුම්රිය ගමන්වාර අවලංගුකර තිබේ.

කොළඹ නගරයේ මරමස්ථාන රැසක් පිහිටි කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ යන ප්‍රදේශවලට අද (25) පස්වරු හයේ සිට නැවත දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

ඒ අනුව දිවයිනේ පොලිස් බල ප්‍රදේශ 64 ට මේවන විට නිරෝධායනය ඇඳිරිනීතිය පනවා ඇත.

මේ අතර, පොදු ප්‍රවාහන සේවා අද (25) මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ කොටුවට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන්ට සහ පරීක්ෂකවරුන්ට ඕනෑම වාහනයකින් ඇඳිරිනීතිය පවතින ප්‍රදේශ තුළ ගමන් කිරීමේ හැකියාව ඇති බවය.

Related posts

ආපනශාලා විවෘත කිරීමේ දී ගැටළු පැන නගින බව බේකරි හිමියන් කියයි

Mohamed Dilsad

ඇඳිරි නීති කාලය තුළ ජල – විදුලි දෝෂ සඳහා විශේෂ සේවාවක් හෙට සිට

Mohamed Dilsad

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් තවත් ආසාදිතයන් 190 ක්

Mohamed Dilsad

Leave a Comment