දේශීය

කොළඹට පැමිණෙන දුරගමන් බස්රථ තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – කොළඹට පැමිණෙන සියලු දුර ගමන් සේවා බස් ධාවනය යළි දැනුම්දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියත් සමග කොළඹ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට අමතරව නාරාහේන්පිට සහ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යල ද නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.

Related posts

ETI සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් රක්ෂණ වන්දි ගෙවීම හෙට

Mohamed Dilsad

දිවයිනේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් හරහා සෞඛ්‍ය සේවකයින්ට අද සිට ඉන්ධන

Mohamed Dilsad

අඩුම කොරෝන රෝගීන් ගණන වාර්තාවීම ඊයේ

Mohamed Dilsad

Leave a Comment