දේශීය

ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්

(UTV |කොළඹ) – ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා සමබන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ කොරෝනා ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් පරිදි දෛනික කාර්යාලයීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණද, අඛන්ඩව එම සේවා පවත්වාගෙන යන බවයි.

රෝගය පැතිර යාම පාලනය පිණිස පනවා ඇති සීමා නිසා මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමට ඇති අපහසුතාව සැලකිල්ලට ගෙන දුරකථන තැපෑල සහ විද්‍යුත් තැපෑල ඔස්සේ ජනතා ඉල්ලීම් දැනුම් දීමටත්, ඉටු කිරීමටත් මේ යටතේ අවස්ථාව සලසා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඒ අනුව, ජනාධිපති මහජන සම්බන්ධතා අංශය සඳහා 0114 354 550 සහ 0112 354 550 යන දුරකථන අංක හා 0112 34 88 55 යන ෆැක්ස් අංකය භාවිත කළ හැකි අතර, Publicaffairs@presidentsoffice.lk  යන විද්‍යුත් තැපෑල ද භාවිත කළ හැක.

මීට අමතරව, 0112 33 80 73 යන දුරකථන අංකයෙන් ඔම්බුඩ්ස්මන් කාර්යාලය ඇමතිය හැකි අතර, ජනාධිපති අරමුදල හා සම්බන්ධ වීමට 0112 354 354 දුරකථන අංකය භාවිත කළ හැකි වනවා. ඒ සඳහා 0112 33 12 43 යන ෆැක්ස් අංකය ද භාවිත කළ හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් පරිදි දෛනික කාර්යාලයීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණද, ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛන්ඩව පවත්වාගෙන යන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

රෝගය පැතිර යාම පාලනය පිණිස පනවා ඇති සීමා නිසා මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමට ඇති අපහසුතාව සැලකිල්ලට ගෙන දුරකථන තැපෑල සහ විද්‍යුත් තැපෑල ඔස්සේ ජනතා ඉල්ලීම් දැනුම් දීමටත්, ඉටු කිරීමටත් මේ යටතේ අවස්ථාව සලසා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඒ අනුව, ජනාධිපති මහජන සම්බන්ධතා අංශය සඳහා 0114 354 550 සහ 0112 354 550 යන දුරකථන අංක හා 0112 34 88 55 යන ෆැක්ස් අංකය භාවිත කළ හැකි අතර, Publicaffairs@presidentsoffice.lk  යන විද්‍යුත් තැපෑල ද භාවිත කළ හැක.

මීට අමතරව, 0112 33 80 73 යන දුරකථන අංකයෙන් ඔම්බුඩ්ස්මන් කාර්යාලය ඇමතිය හැකි අතර, ජනාධිපති අරමුදල හා සම්බන්ධ වීමට 0112 354 354 දුරකථන අංකය භාවිත කළ හැකි වේ.

ඒ සඳහා 0112 33 12 43 යන ෆැක්ස් අංකය ද භාවිත කළ හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Related posts

විනිසුරු වැටුප්වලින් බදු අය කිරීම ගැන අධිකරණය දුන් නියෝගය

Mohamed Dilsad

පූගොඩ තරුණයෙකු මියයාමේ සිද්ධියට පොලිසියේ 2 කගේ වැඩ තහනම්

Mohamed Dilsad

”මෙතෙක් රු.2000 නොලැබුණු පවුල්වලට අභියාචනා කළ හැකියි”

Mohamed Dilsad

Leave a Comment