ක්‍රීඩා

LPL තරගාවලියෙන් ක්‍රීඩකයින් 5 ක් හදිසියේම ඉවත් වෙයි

(UTV | කොළඹ) – ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට නියමිතව සිටි ජාත්‍යන්තර ක්‍රීඩකයින් 05 දෙනෙකු එම තරගාවලිය සඳහා සහභාගී නොවන බව දැනුම් දී තිබේ.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසල්, දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් වන ෆෆ් ඩූ ප්ලෙසිස්, ඩේවිඩ් මිලර් සහ ඩේවිඩ් මාලන් මෙලෙස තරගාවලිය සඳහා සහභාගී නොවන බව දැනුම් දී ඇත.

ෆෆ් ඩූ ප්ලෙසිස්, ඩේවිඩ් මිලර් සහ ඩේවිඩ් මාලන් දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගී වන බැවින් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී නොවන බව දැනුම් දී තිබේ.

ආබාධයක් හේතුවෙන් ඇන්ඩ්‍රි රසල් මෙම තරගාවලිය සඳහා සහභාගී නොවන බව දැනුම් දී ඇත.

මීට අමතරව ඉන්දියානු ක්‍රීඩක මන්වීන්ද්‍ර බිස්ලා ද ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී නොවන බව දැනුම් දී ඇත.

Related posts

කොදෙව් පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකාව ලකුණු 153 ක් ඉදිරියෙන්

Mohamed Dilsad

ඒ ප්ලස් ශ්‍රේණියේ ඉන්න ක්‍රීඩකයන් මෙන්න

Mohamed Dilsad

එංගලන්තයට ලකුණු 93ක ජයක්

Mohamed Dilsad

Leave a Comment