දේශීයවිදෙස්

සඳ මත ජලය ඇති බව තහවුරු වෙයි

(UTV |ඇමෙරිකාව) – සඳ මත නිසැකවම ජලය පවතින බව තහවුරු වී ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.

ඒ, සඳ පිළිබඳ දිරිගන්වන සුළු සොයා ගැනීමක් හෙළිදරව් කරන බවට මීට දින කිහිපයකට පෙර ඉඟි කිරීමෙන් අනතුරුවයි.
සඳ මතුපිට චන්ද්‍ර ආවාට තුළ අණුක ජලය පවතින බවට මීට පෙර අනාවරණ වී තිබුණි.
නව සොයා ගැනීම වන්නේ සඳ මතුපිටද එලෙස අණුක ජලය සහිත කලාප පවතින බවයි.
මෙම සොයා ගැනීම නාසා ආයතනයේ ගොඩාඞ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවේදී අනාවරණ කෙරුණි.
මෙය සඳ මතුපිට ස්ථිර පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා විශේෂයෙන් වැදගත් වන සොයා ගැනීමක් ලෙස සැලකේ.

Related posts

මෙටා සමාගමේ ආහාර වවුචර් අවභාවිතා කළ සේවකයන් පිරිසක් රැකියාවෙන් නෙරපයි.

Editor O

අම්පාරේ කුඹුරු අක්කර ගණනක් නෙමටෝඩා රෝගයට ගොදුරු වෙයි

Mohamed Dilsad

බදු පනත් කිහිපයක් සංශෝධනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment