දේශීය

බස්නාහිර පොලිස් නිළධාරින් 412 ක් නිරෝධායනයට

(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ සේවයේ නියුතු පොලිස් නිළධාරින් 412 දෙනෙකු කොරෝනා වසංගත තත්වය හමුවේ මේවනවිට නිරෝධායනය සඳහා යොමුකර ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.

ඒ අතරින් 57 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලද 355 දෙනෙකු ස්වයං නිරෝධායනයටද යොමුකර තිබේ.

බස්නාහිර පළාතේ පොලිස් නිළධාරින් 10 දෙනෙකු මේ වනවිට කොරෝනා වෛරසයට ගොදුරුවී සිටින බවද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

 

Related posts

තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි

Editor O

හිටපු ඇමති රාජිතගේ නඩුවකට අධිකරණය දුන් නියෝගය

Editor O

රට පුරා විශේෂ වැටලීම්වලින් තවත් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment