දේශීය

සියලු රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම් දීමක්

(UTV | කොළඹ) –  රටේ මේ වනවිට පවතින තත්ත්වය හමුවේ රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් සියලු රාජ්‍ය ආයතන ප්‍රධානින් වෙත නිවේදනයක් නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජයේ ආයතන ප්‍රධානීන් වෙත අනුගමනය කළ යුතු උපදෙස් ඇතුළත් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් පසුගිය අප්‍රේල් 18 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය සහ මැයි 14 නිකුත් කළ චක්‍රලේඛය වෙත අවධානය යොමුකරන ලෙසයි.

එම චක්‍රලේඛවල සඳහන් වන්නේ කාර්යාලයට ප්‍රවේශවීමට පෙර අත් පිරිසිදු කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයිය යුතු අතර, රජයේ වියදමින් මුඛ ආවරණ, සනීපාරක්ෂක සේදුම් දියර ලබාදීම සඳහා වැඩපිලිවෙලක් යෙදිය යුතු බවයි.

එමෙන්ම, අවශ්‍ය වන්නේ නම් අත්වැසුම් සැපයීමටද, විෂබීජහරණ කුටි ස්ථාපිත කිරීමටද කටයුතු කළ යුතු බව එහි දැක්වෙයි.

කාන්තා නිලධාරිනියන් සඳහා සාරිය හෝ ඔසරිය ඇඳීම අනිවාර්ය නොවන අතර, පිරිමි මාණ්ඩලික නිලධාරීන් ටයිපටිය පැළඳීම අනිවාර්ය නොවන බවද අදාළ චක්‍රලේඛයෙහි සඳහන් වෙයි.

 

 

Related posts

IM‍F සහ මහ බැංකු ප්‍රතිසංස්කරණ යෝජනාවලට රජයේ මුදල් කාරක සභාවේ සහයෝගය

Mohamed Dilsad

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සේවයෙන් ඉවත්වෙන බව දැනුම් දෙයි

Mohamed Dilsad

මාතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment