ගොසිප්

බියගම පොලිස් ස්ථානාධිපති ජීවිතක්ෂයට

(UTV |බියගම) – රාජකාරි කටයුත්තකට සහභාගිවී නැවත පොලිසිය වෙත පැමිණෙන අතරතුර හදිසියේ ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් බියගම පොලිස් ස්ථානාධිපතිවරයා ජිවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ පස්වරු 6.30 ට පමණ හදිසියේ රෝගීවූ ස්ථානාධිපතිවරයා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

මීගමුව ප්‍රදේශයේ පදිංචි මොහු මියයනවිට 51වන වියේ පසුවිය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු  ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

Related posts

ශ්‍රී ලංකාව LockDown කිරීම ගැන මහේලගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

කතුරු පහරක් කළ හදියක්

Mohamed Dilsad

නිරෝධායනය වෙමින් සිටියදී රෝහලෙන් පැන ගිය කාන්තාවක් සොයයි

Mohamed Dilsad

Leave a Comment