ගොසිප්

වත්තලින් කොවිඩ් ආසාදිතයින් රැසක් හඳුනා ගනී

(UTV |කොළඹ) – වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය තුළ පවතින එක් කර්මාන්ත ශාලාවක කොවිඩ් ආසාදිතයින් 49 දෙනෙක් වාර්තා වී තිබේ.

වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අබේසේකර මහතා සඳහන් කළේ පසුගිය දෙදින තුළ සිදුකළ PCR පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ පිරිමි පුද්ගලයින් 75 දෙනෙකු රෝහල් ගත කිරීම ඊයේ (30) රාත්‍රියේ සහ අද (31) අලුයම කටයුතු කළ බවයි.

එම ප්‍රදේශයේ ආසාදිත බවට තහවුරු වූ කාන්තාවන් අද දිනයේ දී ප්‍රතිකාර සඳහා යොමු කිරීමට පියවර ගන්නා බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අබේසේකර මහතා පැවසීය.

Related posts

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයත් වැසේ

Mohamed Dilsad

ප්‍රජාතන්ත්‍රවාදය නෙමේ ජනතාවට ඕනේ තුන් වේල කාල ඉන්නයි – මුත්තයියා කට අරී

Mohamed Dilsad

භාතිය සන්තුෂ්ටත් අලුත් ආණ්ඩුවෙන් ප්‍රබල තනතුරු

Mohamed Dilsad

Leave a Comment