දේශීය

ඊයේ වැඩිම ආසාදිතයන් කොළඹින් – දෙවැනියට රත්නපුරින්

(UTV | කොළඹ) – ඊයේ (31) මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 239 න් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එම සංඛ්‍යාව 86 ක්. රත්නපුර දිස්ත්‍රික්කයෙන් 28 ක්ද , ගම්පහින් 21 ක්ද , කලුතරින් 20 ක්ද ලෙස ඊයේ දිනයේදි ආසාදිතයන් වාර්තා වී තිබුණි.

මීට අමතරව වව්නියාවෙන් ආසාදිතයන් 11 ක් , කෑගල්ලෙන් 10 ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 04 ක් ඊයේ වාර්තා වූ බව ද කොවිඞ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 59 දෙනෙකුද ඊයේ දිනය තුළ කොරෝනා රෝගීන් බවට තහවුරු කර ගැණුනි.

 

Related posts

අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබාදීමටවත්, මේ ආණ්ඩුවට බැහැ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Editor O

විශ්වවිද්‍යාල අවට ප්‍රදේශවලට පොලිස් ආරක්ෂාව

Editor O

අධිකරණයට අපහාස කිරීමේ දෙවන නඩුව : නැවත කැඳවීම මාර්තු 09

Mohamed Dilsad

Leave a Comment