දේශීය

සීගිරිය සංචාරක පොලිසියේ OIC හදිසියේම ජීවිතක්ෂයට

(UTV | අනුරාධපුරය) – සීගිරිය සංචාරක පොලිස් ස්ථානයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක උපාලි කරුණාතිලක මහතා සීගිරිය පර්වථයේ සිංහ පාදය අසලදී හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා ප්‍රමුඛ නිළධාරින් කණ්ඩායමක් සමග සීගිරි පර්වථය නිරික්ෂණය සදහා ගමන් කරමින් සිටියදී ස්ථානාධිපතිවරයා හදිසියේ රෝගී වී ඇති අතර , කඩිනමින් රෝහල් ගතකරත් ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලිස් පරීක්ෂක උපාලි කරුණාතිලක මහතාගේ මරණය පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය අද දඹුල්ල මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතය.

 

Related posts

බෙහෙත් මිලදී ගැනිමට ඖෂධ නීතිගත සංස්ථාවෙන් මිළ ගණන් කැඳවයි

Mohamed Dilsad

නීතිපතිවරයාගෙන් වැඩබලන පොලිස්පතිවරයාට නියෝගයක්

Mohamed Dilsad

වඳුරු කතා අහන්න එපා – ඇමති නලින්ද ජයතිස්ස

Editor O

Leave a Comment