ගොසිප්

අවදානම් ප්‍රදේශ වල උසස් පෙළ විභාග රාජකාරිය කළ සියළු දෙනා PCR පරීක්‍ෂණයට

(UTV |කොළඹ) – කොවිඩ් වෛරසය ව්‍යාප්තව පවතින ප්‍රදේශයන්හි උසස් පෙළ විභාග රාජකාරි කළ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සඳහා PCR පරීක්ෂණ කිරීමට සුදානම් වේ.

ඒ විභාග දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කර ඉල්ලීමකට අනුවය.

මෙම ඉල්ලීම කර ඇත්තේ එම ප්‍රදේශවල විභාග රාජකාරී කළ ගුරු හා විදුහල්පතිවරුන්ට PCR පරීක්ෂණ සඳහා පහසුකම් සලසන ලෙසට ගුරු වෘත්තීය සංගම් දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීම් පිළිබඳ සලකා බලමිනි.

වයිරසය බරපතළ ලෙස ව්‍යාප්තව පවතින මිනුවන්ගොඩ, ගම්පහ සහ කුලියාපිටිය වැනි ප්‍රදේශවල සේවය කළ පිරිස වෙනුවෙන් මෙම පහසුකම් සැලසීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කරයි.

එවැනි අවශ්‍යතාවක් පවතින්නේ නම් අවශ්‍ය පහසුකම් සැලසිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ද සඳහන් කර සිටියේය.

මෙම පහසුකම සලසන ලෙස ලංකා ගුරු සංගමය හා ලංකා විදුහල්පති සංගමය විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත.

ඇතැම් ගුරුවරු රුපියල් 9500ක් වැය කරමින් පෞද්ගලික රෝහල්වලින් PCR පරීක්ෂණ කර තිබීම ගුරු වෘත්තීය සංගම්වල ඉහත ඉල්ලීමට හේතු වී තිබේ.

Related posts

යෝෂිත – නිතීෂා යුවලට සුබ මංගලම්

Mohamed Dilsad

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් කොරෝනා

Mohamed Dilsad

හතුරිසිංහ ලෝකයේ හොඳම පුහුණුකරුවන් අතරින් එක්කෙනෙක් – තිලංග සුමතිපාල

Mohamed Dilsad

Leave a Comment