දේශීය

රජයේ මුදල් පිලිබඳ කාරක සභාවේ සාමාජිකයන් නම් කෙරේ

(UTV |කොළඹ) – රජයේ මුදල් පිලිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම්කාරක සභාව විසින් නම් කරන ලද සාමාජිකයන්ගේ නම් කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඊට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, විදුර වික්‍රමනායක, සරත් වීරසේකර, ඩී.වී.චානක, නාලක ගොඩහේවා, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළත් බව කතානායකවරයා සඳහන් කළේය.

මීට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, ඩිලාන් පෙරේරා, හර්ෂ ද සිල්වා, එම්.ඒ. සුමන්දිරන්, චමින්ද විජේසිරි, හේෂා විතානගේ, ඉසුරු දොඩංගොඩ, අනූප පැස්කුවල්, සහන් ප්‍රදීප් සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර ද, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට පත් කර තිබේ.

මේ අතර, 2020 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම, පෙත්සම්කරු විසින් ඉල්ලා අස්කර ගන්නා බවට ඉල්ලීමක් කර ඇති බැවින් එම පෙත්සම නිෂ්ප්‍රභ කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි ද අද කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

Related posts

විදෙස් සංචාරකයින් සඳහා මත්පැන් අලෙවියට අවසර

Mohamed Dilsad

උසස් පෙළ අවසන් වන තෙක් විදුලිය කප්පාදු නොකිරීමට එකඟතාවයක්

Mohamed Dilsad

මානව හිමිකම් ප්‍රතිසංස්කරණයන් සඳහා රජයේ අවධානය

Mohamed Dilsad

Leave a Comment