දේශීයව්‍යාපාරික

PCR පරීක්ෂණය සඳහා අය කළ හැකි ගාස්තු

(UTV |කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ නියාමනය යටතේ PCR පරීක්ෂණ කිරීමට පෞද්ගලික රෝහල් කළමනාකාරිත්වය එකඟත්වය පළකර තිබේ.

සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි හා පෞද්ගලික රෝහල් කළමනාකාරීත්වය අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේදී යේ දී ඊයේ (2) විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

මේ වන විට පෞද්ගලික ​රෝහල් 4  PCR පරීක්ෂණ සිදුකරයිනු ලබයි.

දෛනිකව පරීක්ෂණ 3000ක් කරන අතර එම පරීක්ෂණවල ගැටලු මතුවූ බවට පසුගිය කාලයේදී චෝදනා එල්ල කෙරුණි.

පෞද්ගලික රෝහල් සිදුකරන PCR පරීක්ෂණ නියාමනය කිරීමේදී රසායනාගාරවල තත්ත්වය පරීක්ෂා කිරීමටද එහි ගුණාත්මකභාවය වැඩිකිරීම සඳහා තාක්ෂණික සහයෝගය සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදීමටද මෙහිදී තීරණය කර තිබේ.

පරීක්ෂණවල ප්‍රමිතිය වැඩි දියුණු කිරීම සහ ධාරිතාවය වැඩි කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති අතර පෞද්ගලික රෝහල් සිදුකරන PCR පරීක්ෂණවල සාම්පල අහඹු ලෙස ලබාගනිමින් බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණායතනයේදී පරීක්ෂා කිරීමටද මෙහිදී තීරණය කර ඇති බව වාර්තා වේ.

පෞද්ගලික රෝහල් මගින් PCR පරීක්ෂණ සිදුකිරීමේදී අය කරන මුදල රුපියල් 6000 සිට 9000 දක්වා පමණක් අය කිරීමටද මෙම සාකච්ඡාවේදී එකඟ වී තිබේ.

Related posts

නැදුන්ගමුවේ රාජා ගැන ජනාධිපතිගෙන් තීන්දුවක්

Mohamed Dilsad

යල කන්නයේ වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 538,399 දක්වා ඉහළට

Mohamed Dilsad

ඉන්දීය දුම්රිය මැදිරි පිළිබඳ පරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment