ගොසිප්

තවත් කොවිඩ් මරණයක්

(UTV |කොළඹ) – මෙරට 22 වන කොරෝනා ආසාදිත මරණය වාර්තාවී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි කාන්තාවකි.

නිවස තුලදී මියගොස් ඇති ඇයට කොරෝනා ආසාදනය වී ඇති බව පසුව සිදුකරන ලද PCR  පරීක්ෂණයේදී අනාවරණ වී ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කලේ ඇය මියයාමට ආසන්නතම හේතුව වී ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය බවයි.

මියගිය කාන්තාවගේ පවුලේ සාමාජිකයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස මීට පෙර හඳුනාගෙන තිබුණි.

පවුලේ අනෙකුත් සාමාජිකයන් ද නිවාස නිරෝධායනයට ලක් කර තිබූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  සඳහන් කරයි.

Related posts

‘කැරොලයින්’ කිරුළ අතහැරීම ගැන චන්දිමාල් කරුණු කියයි [VIDEO]

Mohamed Dilsad

ශ‍්‍රී ලංකාව රතු කලාපයක් ලෙස නම් කරයි

Mohamed Dilsad

භික්ෂූන් වහන්සේ නමකුත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට

Mohamed Dilsad

Leave a Comment