දේශීයවිදෙස්

ඇමරිකානු ජනපතිවරණ කරට කර සටනේ ජෝ බයිඩ්න් ඉදිරියෙන්

(UTV| ඇමරිකාව) – ඇමරිකානු ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රථිඵල අනුව ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් මහතා ඉදිරියෙන් පසුවෙයි.

දැනට නිල වශයෙන් නිකුත් කර ඇති ප්‍රථීඵල අනුව ඡන්ද විද්‍යාල නියෝජිතයන් 225 ක් දිනාගැනීමට බයිඩ්න් සමත්ව සිටී. ට්‍රම්ප්ට හිමිවී ඇති නියෝජිතයන් ගණන 213 ක්.

ජනාධිපතිවරණ ජයග්‍රාහකයාවීමට ඡන්ද විද්‍යාල නියෝජිතයන් 270 කගේ සහය දිනාගත යුතුයි.

ඇමෙරිකාවේ ප්‍රාන්ත 50 න් 37 ක ප්‍රථිඵල මේ වනවිට නිකුත් කර අවසන්.

මේ අතර ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම මැතිවරණය ජයගැනීමට තමන්ට වැඩි ඉඩක් පවතින බව පාක්ෂිකයන් අමතමින් ප්‍රකාශ කළහ.

වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට සිය පාක්ෂිකයින් අමතමින් කියා සිටියේ , “අපි ජයග්‍රහණය සැමරීමට ලෑස්තියි” යනුවෙනි.

ට්‍රම්ප් තමාට සහාය දුන් අමෙරිකානු ජනතාවට සිය කෘතවේදය හිමිවන බව ද පැවසීය.

එසේම මෙහිදී ට්‍රම්ප් පවසා ඇත්තේ ජන්ද ගණන් කිරීම නැවැත්වීම සඳහා තමා ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවය. “විශාල වංචාවක් වෙනවා,” යනුවෙන් ඔහු පැවසූ බව විදෙස් මාධ්‍ය පැවසීය.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩ්න් මීට සුළු වේලාවකට ප්‍රථම සිය පාක්ෂිකයින් අමතමින් සඳහන් කර තිබුණේ “අපි විශ්වාස කරනවා අපි මේ මැතිවරණය ජයගන්නා මාවතේ ඉන්නා බව,” යනුවෙනි.

 

 

Related posts

කුසල් මෙන්ඩිස්ගේ දැවීයාම ගැන ආන්දෝලනාත්මක ඡායාරූපයක්

Editor O

කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙක්ට සුවයි

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment