ගොසිප්

රටේ පවතින කොරෝනා තත්ත්වය පාලනය කිරීමට ගතවන කාලය ගැන ඉඟියක්

(UTV | කොළඹ) – සෞඛ්‍ය අංශවලට අනුව ඔක්තෝබර් 04 වන දා සිට අද (04) දින වන විට කොවිඩ්-19 දෙවන රැල්ලට අදාළව ආසාදිතයින් 8200 කට අධිකව වාර්තා වී තිබෙන අතර , කොවිඩ්-19 හේතුවෙන් වූ මරණ 24 ක් ද වාර්තා විය.

මසක කාලයක් තුළ දිවුලපිටිය හා පෑලියගොඩ ආශ්‍රිතව කොවිඩ් -19 පොකුරු 02 ක් නිර්මාණය වූ අතර එම පොකුරුවලට අදාළව ආසාදිතයින් දිනෙන් දින වාර්තා විය.

මෙම තත්ත්වය පිළිබඳව සහ ඊට අනුව රටෙහි ඉදිරි තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා අදහස් දක්වමින් කියා සිටියේ , අප දැනට සිටින්නේ කොරෝනා ව්‍යාප්ති මට්ටම්වලින් තුන් වන මට්ටම (Alert Level 3) හි බවත් , මෙහිදී ප්‍රධාන පොකුරක් ආශ්‍රිතව එයින් මතුවන ආසාදිතයන් මුණ ගැසෙන බවත්ය.

දැනට මෙරටින් දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් -19 පොකුරු සහ ඒ ආශ්‍රයෙන් ආසාදිතයන් වාර්තා වේ.

මේ වන විට මෙම පොකුරුවලට සම්බන්ධ නොවන ආසාදිතයන් කිහිප දෙනෙක් මුණගැසී ඇති නමුත් එම තත්ත්වය ප්‍රජා සම්ප්‍රේෂණ මට්ටම ලෙස හැඳින්විය නොහැකි බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

ප්‍රජා සම්ප්‍රේෂණ මට්ටමට ළඟා වූ විට සිදුවන්නේ ප්‍රධාන පොකුරුවලට සම්බන්ධයක් නොමැති ආසාදිතයින් විශාල වශයෙන් වාර්තා වීමයි.

එහිදී PCR පරීක්ෂණවලට ලක් කරන පුද්ගලයන් අතරින්, ඔවුන් ආසාදනය වූයේ කෙසේ දැයි මූලාශ්‍රයක් සොයා ගත නොහැකි ආසාදිතයින් මහා පරිමාණයෙන් වාර්තා වීමට පටන් ගන්නා බවත් , ලංකාව තවමත් ඒ මට්ටමට ළඟා වී නැතත් මහා ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය නොකළහොත් නුදුරේදීම ප්‍රජා සම්ප්‍රේෂණ මට්ටම දක්වා රෝග ව්‍යාප්තිය විය හැකි යැයි ඔහු අවධාරණය කළේය.

මහා ජනතාව නිසි සහයෝගය ලබාදෙමින් ආරක්ෂාවන්නේ නම් සහ තවත් කොවිඩ්-19 පොකුරක් නිර්මාණය නොවුණහොත් තවත් සති 08 ක පමණ කාලයක් ඇතුළත මෙම තත්ත්වය පාලනය කළ හැකි බව ඔහු ප්‍රකාශ කළේය.

දැනට පවතින තත්ත්වය පාලනය කළ හැකි මට්ටමක පවතින නිසා සෞඛ්‍ය අංශ දැඩි වෙහෙසක් ගනිමින් වෛරසය ව්‍යාප්තිය අවම කරගැනීමට සියලු පියවර ගන්නා බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related posts

කොරෝනාවට සොබාදමින් ප්‍රතිකර්ම සෙවූ ඇමසන් වැසියෝ [PHOTOS]

Mohamed Dilsad

ගෝඨා අගමැති?

Mohamed Dilsad

ළමා රෝහලේ ළමුන් 20කට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment