දේශීය

ලබන සඳුදා බස්නාහිර ඇරෙයිද?

(UTV |කොළඹ) – ලබන සඳුදායින්(09) පසුව බස්නාහිර පළාත විවෘත කිරීමට වැඩි හැකියාවක් පවතින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එහිදී යුද හමුදාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ඉවත්කිරීමට නම් ඊට අදාළ කටයුතු සඳහා ජනතාව සහයෝගය දැක්විය යුතු බවයි.

“හැකි ඉක්මනින් රට විවෘත කිරීම ඉතාමත් වැදගත්. ජනාධිපතිතුමා ඉතා පැහැදිළිව උපදෙස් දුන්නා මේ දින 10ක් එක දිගට නිරෝධායන ඇඳිරිනීතිය යොදවලා බලාපොරොත්තු වුණේ වැඩිම ජන ඝනත්වයක් තියෙන බස්නාහිර පළාතේ පුද්ගලයෙක් අතරින් පුද්ගලයෙකුට මේ වෛරසය ව්‍යාප්තවීම අවම කිරීමටයි. මේ දින 10 තුළ කෙසේ හෝ කරගත යුතු PCR පරීක්ෂණ කරගෙන මේ පැතිරීම වළක්වා ගන්න සියලු ක්‍රියාමාර්ග ගන්න කියලා ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා. ඒ අනුව 09 වැනි සඳුදා උදෑසන 5.00වන විට බස්නාහිර පළාත විවෘත කිරීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා අපිට උපදෙස් දුන්නා. ජනාධිපතිතුමා කිසිසේත් බලාපොරොත්තුවක් නෑ ඉන් ඉදිරියටත් මේක රැගෙන යන්න. ඒ නිසා මේ දින 10 අපි උපරීම ප්‍රයෝජනයට අරගෙන ඒ කටයුතු සිදුකරනවා. මේ පාර පැතිරෙන කොවිඩ් වෛරසය කොයිතරම් භයානකද කියනවා නම්, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන පරිදි ඔබ පළඳින මුව ආවරණය පවා වැරදියට පැළඳ සිටියහොත් මේ වෛරසට ඔබේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්.” යැයි මෙහිදී යුධ හමුදාපතිවරයා වැඩිදුරත් පැවසුවේය.

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 9000 ඉක්මවයි

Mohamed Dilsad

දිවයින පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන්ට රජයෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය කොළඹදී මිලාදුන් නබි උත්සවය සමරයි

Mohamed Dilsad

Leave a Comment