දේශීය

කොළඹ මහල් නිවාසවල සංචරණය වහා නවත්වන්න

(UTV | කොළඹ) –  කොළඹ නගර සභා සීමාව තුළ මහල් නිවාසවල ජීවත් වන පුද්ගලයන් යාබද නිවාසවලට ගමන් කිරීම සම්පූර්ණයෙන් නතර කරන්නැයි වසංගත රෝග විද්‍යා අංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම අංශයේ ප්‍රධානීන් වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ , මෙම මහල් නිවාසවල මේ වන තෙක් පරීක්ෂාවට ලක් නොවූ ආසාදිතයන් සිටිය හැකි බවයි.

මේ වන විටත් එවන් ආසාදිතයන් කිහිපදෙනෙක්ම හඳුනාගත් බවත් ඉන් පෙනී යන්නේ තවත් රෝගීන් එයාකාරයෙන් සිටිය හැකි බව යයිද ඒ මහතා කියා සිටියේය.

එනිසා මහල් නිවාස වල ජීවත් වන සහ අධික තදබදයක් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව කිසිම ආකාරයකින් අනෙක් නිවාසවලට යෑම සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස උපදෙස් ලබා දෙන බවද ඔහු පැවසීය.

එසේ නිවාස වලට ගමන් කිරීම හේතුවෙන් එම නිවෙස්වල සිටින නිදන්ගත රෝග ඇති පුද්ගලයන් සහ වයස්ගත පුද්ගලයන් වෛරසය ආසාදනයෙන් මිය යාමේ වැඩි ඉඩක් ඇති බවද ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

 

Related posts

අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

Mohamed Dilsad

හෙට සිට රජයේ රෝහල් වල වෛද්‍යවරුන් අඛණ්ඩ වැඩවර්ජනයක

Mohamed Dilsad

බස් ගාස්තු අද සිට ඉහළට

Mohamed Dilsad

Leave a Comment