ගොසිප්

තුන්වන කොවිඩ් රැල්ල ලබන වසර මුලදී

(UTV| කොළඹ) – තුන්වන කොවිඩ් රැල්ල ලබන වසර මුලදී ඇතිවිය හැකි බවට පර්යේෂකයින් අනතුරු අඟවා ඇති බවත් වසර දෙකක් ගතවන තෙක් වෛරසය සමග ජිවත් වීමට ලෝකයාට සිදුවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලෝකයේ පරීක්ෂණ පවත්වන විද්‍යාඥයන් පවසන ආකාරයට දෙවෙනි කොවිඩ් රැල්ලේදීවත් බෙහෙතක් සොයා ගැනීමට නොහැකි වුවහොත් මෙම තත්ත්වය හටගනු ඇති බවට විශ්වාස පළකරයි.

කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු තවත් කණ්ඩායම් සඳහන් කරන්නේ 03 වන කොවිඩ් රැල්ලට ලෝකයට ලබන වසරේ මුල වන විට මුහුණ දීමට සිදුවනු ඇති බවත් පෙර අවස්ථාවන් දෙකටම වඩා ඉදිරි රැල්ලේදී ඇතිවන වෛරසය භයානකවන බව පර්යේෂකයින් අනතුරු අඟවා සිටින බවයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කළේ.

ඒ අනුව හටගන්නා තුන්වෙනි රැල්ල පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා ,

“ඒ වෛරස් එක කුමන වයසේ අයට බලපානවද , එහි තියන ප්‍රභල බව මොකද්ද ඊට පස්සේ ඇති විය හැකි සංකුලතා මොකද්ද කියන්න අපි තාම දන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කිව්වේ අත් දෙක හේදීම නිරන්තරයෙන් කරන්න , මුඛ ආවරණ නිවැරදිව පළදින්න , දුරස්ථභාවය තියා ගන්න , නිරන්තරයෙන් මොනවහරි රසායනික ද්‍රව්‍යයක් නිවැරදිව හදපු එකක් ළඟ තියාගන්න. කොතනහරි ඇල්ලුවොත් ඒක අතට දාලා අත පිරිසිදුව තියාගන්න. මීට වඩා මැජික්‌ එකක් නෑ” යනුවෙන් වෙෙද්‍ය ජයරුවන් මහතා සදහන් කළේය.

 

 

 

 

Related posts

මහේල ජයවර්ධනගේ නව විවාහය

Mohamed Dilsad

ඇඳිරි නීතිය මැද ප්‍රබල දේශපාලඥ පුතෙකුගේ විවාහ උත්සවයක් [PHOTOS]

Mohamed Dilsad

ජැක්සන් ඇන්තනී හා පියුමි හංසමාලි මලයාලම් සිනමා පටයක

Mohamed Dilsad

Leave a Comment