ව්‍යාපාරික

බණ්ඩාරනායක ගුවන් තොටුපොළට වේගවත් රොබොටික් PCR කට්ටල 4000 ක්

(UTV | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා පී.එ.ල්සී. (Dialog) එක්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා වේගවත් රොබොටික් PCR පරීක්ෂණ පහසුකම් සැලසීමට කටයුතු කර ඇත.

කොවිඩ් – 19 පිටුදැකීම සඳහා වන ජාතික සෞඛ්‍ය සේවා පරිශ්‍රමයන් සවිබලගැන්වීම සඳහා ඉටුකරන කාර්යයේ තවත් පියවරක් ලෙස ඩයලොග් විසින් රොබොටික් පහසුකම්වලින් සමන්විත පරීක්ෂණ කට්ටල 4000 ක් මෙලෙස පරිත්‍යාග කරන ලදී.

නව තාක්ෂණික රොබොටික් PCR පහසුකම් මගින් PCR පරීක්ෂණ සහ ප්‍රතිඵල නිකුත් කිරීමේ කාලය පැය 8 සිට පැය 2.5 ක කාලයක් දක්වා අඩු කිරීමට සමත් වීම සුවිශේෂී වූ කරුණකි.

මෙම ජාතික කර්තව්‍යය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා, “මෙම CE සහ යුරෝපීය IVD සහතික ලැබූ ජාත්‍යන්තර තත්ත්වයේ ස්වයංක්‍රීය විසඳුම මගින් එකවර සාම්පල 32 ක් පරීක්ෂා කිරීමට හැකිවීම තුළින්, පැය දෙකහමාරක් වැනි කාලයක් තුළ ආරක්ෂිත සහ වේගවත් ආකාරයෙන් පරීක්ෂණ වාර්තා ලබාගැනීමේ හැකියාව සලසයි.

 

Related posts

මෙරට රැකියා නොමැති පිරිසගේ අනුපාතය ඉහළට

Mohamed Dilsad

පොහොර නිෂ්පාදනය හා ගොවීන් අතර බෙදා හැරීම අතවශ්‍ය කරුණක් කරයි

Mohamed Dilsad

පාකිස්තාන අන්තර්ජාල වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකිකයන්ට විවෘත වේ

Mohamed Dilsad

Leave a Comment