දේශීය

තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශ

(UTV |කොළඹ) – හෙට(09) අලුයම 5 ට බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළද, රෝගීන් වාර්තාවන ඇතැම් ප්‍රදේශ තවදුරටත් හුදකලා කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, ආදුරුප්පු වීථිය, මාළිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය, බොරැල්ල සහ කෙසෙල්වත්ත යන පොලිස් වසම් තවදුරටත් හුදකලා කර ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.තවද මෙත්සඳ සෙවණ, මිහිජය සෙවණ, රන්මුතු සෙවණ, මුවදොර උයන සහ සිරිසරඋයන, එන්.එච්.එස්. නිවාස සංකීර්ණයද හුදකලා කරන බවයි ඔහු පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, පෑලියගොඩ, කඩවත, රාගම, මීගමුව, පමුණුගම, ජාඇළ, සපුගස්කන්ද, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ සහ ඉංගිරිය යන පොලිස් වසම් මෙන්ම වෑකඩ – බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශයද තවදුරටත් හුදකලා කරන බවද යුද හමුදාපතිවරයා කියා සිටියි.

එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල මහා නගර සභා සීමාව මෙන්ම කුලියාපිටිය පොලිස් වසමද තවදුරටත් හුදකලා කර තිබේ.

ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල සහ රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශ හුදකලා කරන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Related posts

හතරේ සීමා කුඩාවීම ඉන්දීය තරගාවලියට ප්‍රශ්නයක් නැහැ – චරිත් අසලංක

Editor O

පාසල් ඇරඹීමට අදාළ තීරණය අද පස්වරුවේ

Mohamed Dilsad

සුභසාධන ගෙවීම් ගැන ඉඟියක්

Mohamed Dilsad

Leave a Comment