ගොසිප්

නිරෝධායනය වන පවුලකට ප්‍රදේශවාසීන් පහර දෙයි

(UTV |යාපනය) – යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ නිරෝධායනයට ලක්ව සිටි පවුලක් සමග අසල්වාසීන් පිරිසක් ගුටි බැට හුවමාරුවක් ඇති කරගෙන තිබේ.

මේ අනුව පවුල් 04ක සාමාජික සාමාජිකාවන් 08 දෙනෙකු දින 14ක කාලයක් සඳහා නිරෝධායනයට ලක් කිරීමට යාපනයේ සෞඛ්‍ය බලධාරීන්ට ඊයේ (07) පියවර ගෙන ඇත.

කොරෝනා ආසාදිතයෙකු ඇසුරු කිරීම නිසා පේදුරුතුඩුවේ එක් පවුලක් නිරෝධායනයට ලක් කොට සිටි අතර ඔවුන් යාපනයට කොරෝනා ගෙන එන ලද බවට චෝදනා කරමින් එම ප්‍රදේශයේ පවුල් දෙකක නිරෝධායනය වූ පිරිස සමග ගුටි බැට හුවමාරු කරගෙන තිබේ.

මේ සිද්ධියෙන් පසුව පොලීසිය අදාල ස්ථානයට පැමිණ ඇති අතර සෞඛ්‍ය නිලධාරින්ගේ උපදෙස් මත ඔවුන්ව පලමුව නිරෝධානයන කිරීමටත් දෙවනුව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

පේදුරුතුඩුව පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

Related posts

රිවර්සටන් ගිය ඇමති දියණිය කූඩැල්ලන් කා රෝහලේ

Mohamed Dilsad

ජනපති අගමැති ඝාතන සැලසුමක්.ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කාන්තාවක් අඩි 100ක් උස ගසක උපවාසයක

Mohamed Dilsad

Leave a Comment