දේශීය

හුදෙකලා කළ ප්‍රදේශ වලට ජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

(UTV |කොළඹ) – හුදෙකලා ප්‍රදේශවල ජනතාවට රැකියා සඳහා පිටත්ව යාමට හෝ අවස්ථාවක් හිමි නොවන බව පොලීසිය සඳහන් කරයි.

අදාළ කාලය තුළ එම ප්‍රදේශවල ජනතාව කටයුතු කළයුතු ආකාරය පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ “එම හුදකලාකරන ප්‍රදේශවල සිටින අයට කිසිම හේතුවක් නිසා පිටතට පැමිණීමට හැකියාව ලැබෙන්නේ නෑ. ඒ වගේම කිසිවෙකුට එම ප්‍රදේශවෙත ඇතුළුවීමට අවස්ථාව ලැබෙන්නේ නෑ. එම ප්‍රදේශවලිනුත් පිටවයන්න බෑ. ඔවුන් තම නිවෙස්වලම රැඳීසිටිය යුතුයි. කුමණ හේතුවක් නිසාවත් එම අය නිවෙස්වලින් පිටතට යෑමෙන් වැළකිය යුතුයි. සෞඛ්‍යමය කරුණකට අදාළව කිසියම් අවශ්‍යතාවයක් ඇතිවුවහොත් කොවිඩ් රෝගයේ රෝග ලක්ෂණ නොවන හෝ කොවිඩ් රෝගය නොවන ඕන වෙනත් දේකට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නම් ළඟම තියෙන රෝහලකට ඇතුළත්වීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා අවසර ගැනීමක් අවශ්‍ය වන්නේ නෑ. නමුත් අනෙකුත් සියලුම කාරණා සඳහා යම් අවශ්‍යතාවයක් වුවහොත් එම ප්‍රදේශයේ පොලිසිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් අවසර ලබා ගැනීමකින් තොරව ගමන්බිමන් සිදුකිරීමට අවසර ලැබෙන්නේ නෑ,” යනුවෙනි.

Related posts

චීනයෙන් ගෙන්වන්නේ කාබනිකව නිෂ්පාදනය කළ හාල් නෙමෙයි

Mohamed Dilsad

සියයට 66කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට බහුතරයේ අනුමැතිය

Mohamed Dilsad

තවත් නාගරික මන්ත්‍රීවරයෙකුට කොරෝනා ආසදනය වෙයි

Mohamed Dilsad

Leave a Comment