දේශීයප්‍රමුඛ පුවත 2

මැනිංමනින් වෙළඳ පොළ උණුසුම් වෙයි

(UTV |කොළඹ) –  අද අළුයම පිටකොටුව මැනිං පොදු වෙළඳපොළේ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

ඒ එළවළු තොග රැගෙන ආ ගොවීන් ඇතුළු ව්‍යාපාරිකයින් නිසාය.

අද පෙරවරු 5ට ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ මැනිං පොදු වෙළඳසැල ද යළි විවෘත කරන බව මීටපෙර දැනුම් දුන්න නිසා අද අළුයම ව්‍යාපාරිකයන් එහි පැමිණ සිටියේය.

නමුත් පොලීසිය ගොවීන්ට සහ ව්‍යාපාරිකයින්ට මැනිං පොදු වෙළදසැලට පිවිසීමට ඉඩ ලබා නොදුන් අතර එහිදී උණුසුම් තත්ත්වයක් ද හට ගත බව වාර්තා වෙයි.

පසුව ඇතැම් වෙළදුන් වෙනත් ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු තොග රැගෙන ගිය බවද අප වාර්තාකරු පැවසීය.

තවත් පිරිසක් ප්‍රධාන මාර්ගයේ විවිධ ස්ථානවල එළවළු අලෙවි කිරීමටද කටයුතු කර තිබේ.

Related posts

ගත වූ පැය 24 තුළ මෙරට කොරෝනා රෝගියෙක් වාර්තා නොවේ

Mohamed Dilsad

මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ටිකට් පත් නිකුත් කිරීම නවතී

Mohamed Dilsad

තවත් ආසාදිතයන් 10 දෙනෙකු හඳුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment