දේශීය

අද සිට ප්‍රවහන සේවා ක්‍රියාත්මක වන ආකාරය

(UTV |කොළඹ) – අද සිට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් උදෑසන හා පස්වරුවේ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවබව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

නමුත් හුදෙකලා කර ඇති ප්‍රදේශවල පිහිටි දුම්රිය ස්ථානවල දුම්රිය නවත්වන්නේ නැත.

මේ අනුව දෙමටගොඩ, කැළණිය, වනවාසල, එඬේරමුල්ල, පේරලන්ද, ජාඇල, තුඩැල්ල, කුඩහකපොළ, බේස්ලයින්, කොටා රෝඞ්, කුරුණෑගල, මුත්තෙට්ටුගල, හොරපේ, රාගම, වල්පොළ, බටුවත්ත, කුරණ, මීගමුව සහ කට්ටුව යන දුම්රිය ස්ථානවල දුම්රිය නොනවත්වා ධාවනය කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරී ඩබ්ලිව්.ඩී. රංජිත් පද්මලාල් කියා සිටියා.

මේ අතර දුරගමන් සේවා බස් රථද අද සිට ධාවනය ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක සඳහන් කළේය.

නමුත් එම දුර ගමන් සේවා හුදකලා කර ඇති ප්‍රදේශයන්හි නොනවත්වා ධාවනය කරන අතර ලංගමයේ සියලු කෙටි ගමන් සේවාද මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.

ශ්‍රී ලංගමයේ සහ දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ සිය ප්‍රවේශපත්‍රලාභීන්ට මේ සතිය තුළ ඔක්තෝම්බර් මාසයේ ප්‍රවේශ පත්‍රයෙන් ගමන් කිරීමට අවසර හිමි වන බවයි.

ක්‍රමානුකූලව අද සිට පෞද්ගලික ප්‍රවාහන සේවා ආරම්භ කරන බව ද පෞද්ගලික බස් සංගම්ද පවසයි.

Related posts

පියවර දෙකකින් විදුලි බිල ඉහළ දමන්න අවසර

Mohamed Dilsad

සියයට 66කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට බහුතරයේ අනුමැතිය

Mohamed Dilsad

දින 03 ක් සියලුම ඖෂධ අලෙවිසැල් විවෘත කරයි

Mohamed Dilsad

Leave a Comment