දේශීය

ගිනි අවියක් රැගෙන පලා ගිය පොලිස් නිලධාරියා සොයන්න කණ්ඩායම් 10ක්

(UTV |රත්නපුරය) – රාජකාරී ගිනි අවිය සමඟ පළා ගොස් මේ  වන විට සැඟව සිටින රත්නපුර, කුරුවිට පොලිස් ස්ථානයේ සැරයන්වරයා සොයා පරීක්‍ෂණ ඇරඹේ.

පොලිසිය පැවසුවේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 10ක් පත් කර ඇති බවයි.

පසුගිය මස 29 වන දා මෙම පොලිස් සැරයන්වරයා සිරිපාගම ප්‍රදේශයේ රාජකාරියේ නිරත වූ අවස්ථාවේදී ගිනි අවියත් සමඟ පළා ගොස් තිබුණි.

එලෙස පළා ගිය පොලිස් සැරයන්වරයා කුරුණෑගල ප්‍රදේශයේ ඔහුගේ ඥාති නිවෙස් කිහිපයකට ගොස් ගිනි අවිය පෙන්වා ප්‍රකාශ කර ඇත්තේ තමන්ට 9 දෙනෙකු ඝාතනය කිරීමට අවශ්‍ය බවයි.

එම 9 දෙනා අතර කුරුවිට පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ද සිටින බව ඔහු ඥාතීන්ට ප්‍රකාශ කර තිබේ.

දැනට එම පොලිස් සැරයන්වරයා පළා ගොස් දින 12ක් ගත වුවත් තවමත් ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැත.

Related posts

පාසල් දරුවන්ට ELM ක්‍රමය : ගුරු සංගම් යළි කියයි

Mohamed Dilsad

ප්‍රදෙශේ කිහිපයක් හෙට සිට හුදෙකලා බවින් නිදහස්

Mohamed Dilsad

ලබන 07 වනදා දක්වා පාසැල් යළි වැසෙයි

Mohamed Dilsad

Leave a Comment