දේශීය

කඨීන පිංකම් පැවැත්වීම සම්බන්ධයෙන් නිවේදනයක්[RELEASE]

(UTV |කොළඹ) – ඉදිරියේ පන්සල් ආශ්‍රිතව පැවැත්වීමට නියමිත කඨීන පිංකම්වලදී කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ දැඩි අවධානයක් යොමුකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත්තේ, නිදන්ගත රෝග සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කොවිඩ් – 19 රෝගය සඳහා දැඩි අවධානම් කණ්ඩායමක් වන හෙයින් රෝගය පැතිරීම වැළැක්වීම කෙරෙහි භික්ෂූන් වහන්සේලා මෙන්ම සියලු දායක දායිකාවන්ගේ විශේෂ මැදිහත් වීමක් අත්‍යාවශ්‍ය බවය.

මෙම කාලය තුළ පෙරහැර ආදි ජනතාව එක්රොක්වන කටයුතු නොකිරීම, විවිධ පරිත්‍යාග, පූජා භාණ්ඩ රැස්කිරීමට හෝ ආගමික වතාවත් පැවැත්වීමට නිවසින් නොයෑම කළ යුතු බවත් ‍සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.

මේ වන විට පවතින අවධානම් මට්ටමේ අදියර අනුව පූජනීය ස්ථාන තුළ සිටිය හැකි බැතිමතුන්ගේ උපරිම සංඛ්‍යාව 25 දෙනෙකුට සීමා කළ යුතු අතර, පුද්ගල දුරස්ථභාවය, දෙදෙනෙකු අතර අවම දුර මීටරයක පරතරය තබා ගත යුතු බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරයි.

මේ අතර මුඛ ආවරණ නිසිලෙස පැළඳීම ඇතුළු මෙම වසංගතය වැළැක්වීමේ සියලූම නිර්දේශිත සෞඛ්‍ය උපදෙස් නිරතුරුවම පිළිපැඳිය යුතු වේ.

Related posts

Yuan Wang 5 නෞකාව අද පිටත්වෙයි

Mohamed Dilsad

වැල්ලවත්ත ප්‍රදේශය සම්බන්ධයෙන් පැතිරයන පුවත් අසත්‍යයි – පොලිසිය

Mohamed Dilsad

තවත් මාරක රිය අනතුරක්

Mohamed Dilsad

Leave a Comment