දේශීය

අද දිනට කොරෝනා මරණ 5ක්

(UTV |කොළඹ ) – තවත් කොරෝනා මරණයක් වාර්තා වී තිබේ.

ඒ සමඟ අද දිනට කොරෝනා මරණ 5ක් සිදු වී ඇත.

රාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු නිවෙස් දී මියගොස් ඇති අතර එය මෙරට 41 වන කොවිඩ් මරණය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මෙම පුද්ගලයා මියගොස් සිටිය දී රාගම රෝහලේ දී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඔහු ආසාදිතයෙක් බවට අනාවරණය වී තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මියයාමට හේතුව වශයෙන් දක්වා ඇත්තේ, දීර්ඝ කාලීනව පැවති පිළිකා රෝගී තත්ත්වය කොවිඩ් ආසාදනය හේතුවෙන් උත්සන්න වී ඇති බවය.

Related posts

සංචාරක – ප්‍රවාහන ක්ෂේත්‍ර ඇතුළු පාර්ශව කිහිපයකට දීමනා

Mohamed Dilsad

වී කිලෝවට රු. 150ක සහතික මිලක් අවශ්‍යයි – ජාතික ගොවිජන එකමුතුව

Editor O

විදුළි වෘත්තිය සමිති අද විශේෂ සාකච්ඡාවක

Mohamed Dilsad

Leave a Comment