දේශීය

බස්නාහිර පළාත තුළ අද දුම්රිය හා බස් ධාවනය වන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) –  බෙලිඅත්ත , මහනුවර , මහව , පුත්තලම , අවිස්සාවේල්ල යන ගමනාරම්භක දුම්රිය ස්ථාන වලින් ගමන් ආරම්භ කරනු ලබන හා එම මාර්ග වල ගමන් කරන දුම්රිය සදහා අද (11) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ගමන් කිරීමට අවසර හිමිව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පස්වරුවේ ගමනාන්ත කරා ගමන් ගන්නා දුම්රියවල ගමන් ගන්නා මගින්ට බස්නාහිර පළාත් සීමාවල පිහිටි අවසන් දුම්රිය ස්ථාන වන අලුත්ගම , අඹේපුස්ස , කොච්චිකඩේ සහ අවිස්සාවේල්ල දක්වා පමණක් කොළඹ සිට ගමන් කිරීමට සැලසුම් කර ඇත.

ප්‍රාදේශීය වශයෙන් ධාවනය කරන දුම්රියන් කාල සටහනට අනුව ධාවනය කෙරෙනු ඇති.

මීට අමතරව බස්නාහිර පළාතට පැමිණෙන සහ පිටවන සියලූම බස් රථ සේවාවන් ලබන ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා අත්හිටුවා තිබෙන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව නිවේදනය කරයි.

මේ අතර මගී අවශ්‍යතාව මත දුර ගමන් සේවා බස් රථ බස්නාහිර පළාත් සීමාවෙන් පිටත සිට ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ බස්නාහිර පළාත තුල ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

 

 

Related posts

මහින්ද දේශප්‍රිය සහ යුද හමුදාපති අතර අද සාකච්ඡාවක්

Mohamed Dilsad

පොලිසියේ කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කල පිරිසට නීතිය දැඩිව ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Leave a Comment