දේශීය

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 12000 ඉක්මවයි

(UTV |කොළඹ) – ඊයේ(12)දිනයේ හඳුනාගැණුනු නව ආසාදිතයින් 373 දෙනා ද සමග මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් නයින්ටින් ආසාදිතයින් සංඛ්‍යාව 15,723 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ හඳුනාගැණුනු ආසාදිතයින් අතරින් 369 දෙනෙකු මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටින ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එසේම එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් සිව් දෙනෙකු ද ඊයේ දිනයේ දී ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව මේ වන විට ආසාදිතයින් 5,022 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

සමස්ථ ආසාදිතයින්ගෙන් 10,653 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඊයේ පස්වරුවේ සිදුවූවාර්තා වූ මරණ දෙකත් සමග මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර මෙරට විශාලතම කොවිඩ් පොකුර ලෙස සැලෙකන මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 12,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් සමග එහි සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 12,226 දෙනෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අතර ආසාදිතයින් 3,106 දෙනෙක් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුරෙන් ද සෙසු 9,120 පෑලියගොඩ මාළු වෙළෙඳපොළ පොකුරෙන් ද වාර්තා වී ඇත.

Related posts

කටුනායක අධිවේගය භාවිත කරන අයට දැනුම්දීමක්

Mohamed Dilsad

පොලිස් සැරයන්ලා දෙදෙනෙක් අත්අඩංගුවට

Editor O

තවත් ප්‍රදේශ 5 කින් කොරෝනා මරණ

Mohamed Dilsad

Leave a Comment