දේශීය

බෝ නොවන රෝග ඇති පුද්ගලයින්ට සෞඛ්‍ය අංශයෙන් දැනුවත් කිරීමක්

(UTV |කොළඹ ) – බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට එම රෝග ආශ්‍රිත සංකූලතා මතුවුවහොත් නිවසට වී නොසිට වහාම රෝහල්ගතවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශය ඉල්ලීමක් කරයි.

ඊයේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී බෝනොවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ ඉල්ලීමක් කළේ නිරෝධායනය වන පුද්ගලයෙකුට නිධන්ගත රෝග ආශ්‍රිත  සංකූලතා මතුවුවහොත් ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරික්ෂකට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දෙන ලෙසයි.

නිරෝධායනය නොවන සාමාන්‍ය නිවසක පුද්ගලයෙකුට එවැනි සංකූලතාවක් ඇතිවුවහොත් 1990, අංකයෙන් ගිලන් රථ සේවා සපයා ගත හැක.

එමෙන්ම සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ 1999 සහ 011 3 422 558 යන අංක ඔස්සේ ද අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගත හැකි වේ.

 

Related posts

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙයිද?

Mohamed Dilsad

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගැනීම ගැන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගෙන් ප්‍රකාශයක්

Editor O

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් ගැන වෙනස් කතාවක්

Mohamed Dilsad

Leave a Comment