දේශීය

ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 4ක් හුදකලා කරයි

(UTV |ගාල්ල) – ගාල්ල , ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 4ක් ඊයේ රාත්‍රියේ සිට හුදෙකලා කර තිබේ.

ඒ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට සම්බන්ධ තවත් ආශ්‍රිතයන් 6 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟය.

කරන්දෙනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කළේ එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ට PCR පරීක්ෂණ සිදුකර එහි ප්‍රතිඵල ලැබෙන තෙක් ඌරගස්මන්හන්දිය උතුර, ඌරගස්මන්හන්දිය දකුණ, යටගල සහ වල්ඉඟුරුකැටිය යන ග්‍රාම සේවා වසම් මෙලෙස හුදෙකලා කළ බවයි.

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ජනතාව මත පටවා ඇති බදු අඩු කළ යුතුයි – සජිත් ප්‍රේමදාස

Editor O

පාර්ලිමේන්තුවේ බොරු කීමේ වරප‍්‍රසාදය අහෝසි කරන්න යෝජනාවක්…

Editor O

ගෑස් පෝලිමත් අත ළගයි

Mohamed Dilsad

Leave a Comment