දේශීය

කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන් ගණන 270 ඉක්මවයි

(UTV |කොළඹ) – කොවිඩ් -19 ආසාදිත බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 270 ඉක්මවා ගොස් තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ රැඳවියන් 278 දෙනෙකුට මේ වනවිට වෛරසය ආසාදනය වී ඇති බවය.

ඒ අතරින් 107 දෙනෙකු කාන්තා රැඳවියන් වේ.

එමෙන්ම මේ වනවිට බන්ධනාගාර නිලධාරින් 07 දෙනෙකුට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇත.

ඊයේ (13) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් අතර පොලිස් නිලධාරින් 17 දෙනෙකු ද වන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

Related posts

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනපති සුදානම්

Mohamed Dilsad

මෙරට සුවය ලැබූ ආසාදිතයින් 10000 ඉක්මවයි

Mohamed Dilsad

අද ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment