දේශීය

කොවිඩ් මරණ ගැන අසත්‍ය පැතිරූ තවත් අයෙක් අත්අඩංගුවට

(UTV |මහනුවර) – කොවිඩ් මරණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මහනුවර හන්තාන ප්‍රදේශයේ දී බව පොලිසිය පවසයි.

අදාළ පුද්ගලයා විසින් මහමග කොවිඩ් මරණ සිදුවන බවට හා සෞඛ්‍ය යාන්ත්‍රණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 28 හැවිරිදි මහනුවර හන්තාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවන අතර ඔහු අද (16) මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොවිඩ් මරණ සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැරි තවත් පුද්ගලයෙකු පසුගිය දා කඩුගන්නාව ප්‍රදේශයේදී ද අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

Related posts

20 ගැන සෙවූ කමිටුවේ වාර්තාව අද කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් ආනයනය කිරීමට සැලසුම්

Mohamed Dilsad

කැබිනට් මාධ්‍ය හමුව

Mohamed Dilsad

Leave a Comment