දේශීය

හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

(UTV |කොළඹ) – වාද්දුව සහ කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට(17) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

නිවේදනයක් නිකුත් කරමින් ජල සම්පාදන මණ්ඩලය සඳහන් කර ඇත්තේ හෙට පෙරවරු 8.30 සිට පස්වරු 7.30 දක්වා පැය එකොලහමාරක කාලයක් මෙලෙස ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බවයි.

ඒ අනුව, වාද්දුව, වස්කුඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, බෝම්බුවල, පයාගල, බේරුවල, මග්ගොන, අලුත්ගම, දර්ගානගරය සහ කළුවාමෝදර යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

මේ අතර කොට්ටාව, පැලැන්වත්ත ජල පොම්පාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට(17) රාත්‍රී 09.00 සිට පැය 10ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, හෙට රාත්‍රී 09.00 සිට 18 වන බදාදා පෙරවරු 07.00 දක්වා පැලැන්වත්ත, ඇරව්වල, සිද්දමුල්ල, පිංහේන හංදිය, ගොරකපිටිය පාර, මොරකැටිය පාර සහ නිවත්තිඩිය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දැනුම් දෙයි.

Related posts

ඉමියුනොග්ලොබියුලින් ගැටලුවේ පරීක්ෂණ ගැන සෞඛ්‍ය ඇමති ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

දහම් පාසල් ගුරුවරුන්ට දැනුම්දීමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ – ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරු අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment