දේශීය

2021 අයවැය හෙට පාර්ලිමේන්තුවට

(UTV |කොළඹ) – 2021 වර්ෂයට අදාළ අයවැය වාර්තාව හෙට පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

ඒ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසිනි.

රට තුළ පවත්නා තත්ත්වය හේතුවෙන් මෙවර අයවැය විවාදය පවත්වන දින ගණන සීමිත කර ඇති අතර, පාර්ලිමේන්තුව වෙත මාධ්‍යවේදීන් කැඳවීමද තාවකාලිකව අත්හිටුවා තිබේ.

හෙට පස්වරු 1.40 ට එම අයවැය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අයවැය දෙවන වර කියවීමේ විවාදය දින 4 ක් පැවැත්වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනිද්දා සිට ලබන 21 වනදා දක්වාය.

ඒ අනුව දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ලබන 21 වනදා පස්වරු 5 ට සිදුකිරීමට නියමිතය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 23 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන අතර, අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වනදා පස්වරු 5 ට සිදුකෙරෙනු ඇත.

Related posts

යුක්රේන – රුසියානු සංචාරකයන්ගේ වීසා කාල සීමාව දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ගුවන් හමුදා පුහුණු යානයක් හදිසියේම ගොඩබස්වයි

Mohamed Dilsad

ජනපති ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන තබයි

Mohamed Dilsad

Leave a Comment