දේශීය

ශ්‍රී ලංකාවේ ගුවන් හමුදා ඉතිහාසය අලුත් කළ ගුවන් නියමුවරියන්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ පළමු වරට කාන්තා නියමුවරියන් දෙදෙනෙකුට පියාසර නිල ලාංඡන පැළඳවීම අද (16) චීන වරාය කඳවුරේ පැවති විසිර යාමේ උත්සවයේදී සිදුකරනු ලැබීය.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විය.

සෑම අංශයකින්ම දක්ෂතම කැඩෙට් නිළධාරියාට හිමි රන් අසිපත පළමුවරට කාන්තා කැඩෙට් නිලධාරිනියක විසින් හිමිකර ගැනීම මෙන්ම පළමුවරට ජනාධිපති වර්ණ ධජවලින් සමන්විත විසිරයාමේ පෙළපාලියක් සඳහා කාන්තා නිළධාරිනියක අණ දීම අද දිනයේදී සිදුවීම විශේෂත්වයක්.

 

 

 

Related posts

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව රැස්වෙයි

Mohamed Dilsad

ග්‍රාමීය දරුවන්ට, ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරමින් ලෝක රැකියා වෙළඳපොලට යොමුවීමට හැකි අධ්‍යාපනයක් නිර්මාණය කිරීමේ වගකීම වත්මන් ආණ්ඩුව ඉටු කරාවිද ? – නාමල් රාජපක්ෂ 

Editor O

Leave a Comment