ගොසිප්

සංඥා ලාම්පු අසළ යාචකයන්ට සහ ඔවුන්ට මුදල් දෙන අයටත් නඩු

(UTV | කොළඹ) – ව්‍යාපාරයක් ලෙස යාචක වෘත්තියේ යෙදෙන පිරිස සොයා ඉදිරියේ දී නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එවැනි යාචකයින්ට මාර්ග සංඥා දැල්වී තිබිය දී මුදල් ලබා දෙන රියදුරුන්ට ද ජාතික මංමාවත් පනතේ 59 වන වගන්තිය යටතේ කටයුතු කරන බවයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“යාචකයෝ කියලා කිව්වට සැබෑ යාචකයෝ නෙමෙයි. 95 % ක් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඉන්නේ ව්‍යාපාරවල යෙදෙන යාචකයින්. මෙයාලට හාම්පුතෙක් ඉන්නවා. ඔවුන් මුදල් උපයලා හවසට ඒ හාම්පුතාට ගිහින් දෙන්න ඕනේ. මේ අයට ලැබෙන්නේ යම් පඩියක් විතරයි. මේ අයට එක් පැත්තකින් අපි නඩු පැවරීමට කටයුතු කරනවා. ව්‍යාපාරයක් හැටියට යාචක වෘත්තියේ යෙදෙන අය සම්බන්ධයෙන් හා එවැනි අයට තමුන්ගේ වීදුරුව ඇරලා සල්ලි දෙනවා නම් සමහර වෙලාවට කොළ ලයිට් එක පත්තුවෙලා තියෙනවා. එවැනි අයට අර නීතිය යටතේම දඩුවම් කරන්න පුළුවන් වරදක්. වාහනවල ඉන්න රියදුරන් හෝ එකේ ඉන්න වෙනත් කෙනෙක් යම් දෙයක් මිලදී ගන්නවා නම් එම ක්‍රියාවලිය නිසා මාර්ගයේ අනිත් වාහනවලට බාධාවක් වෙනවා නම් ඔවුන්ට ජාතික මංමාවත් පනතේ 59 වන වගන්තිය යටතේ කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සංඥා ලාම්පු තියෙන තැන්වල කිසිදු හේතුවකට ඔබේ වීදුරු විවෘත කරන්න එපා.”

 

 

Related posts

සුව ඇමතිනීට ධූරය එපා වෙයි

Mohamed Dilsad

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 98 දෙනෙක් කොරෝනට ගොඳුරු වෙයි

Mohamed Dilsad

මීළඟ ජනපතිවරණයට ඉදිරිපත් නොවන බව ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment