දේශීය

වතුකම්කරුවන් ගේ දෛනික වැටුප රු.1000ක් දක්වා වැඩි කෙරේ

(UTV | කොළඹ) – 2021 ජනවාරි මස සිට වතුකම්කරුවන් ගේ දෛනික වැටුප රු.1000ක් දක්වා වැඩි කිරීමට යෝජනා කෙරේ.

අයවැය කතාව ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කර සිටියේය.

ඒ අනුව වතු කම්කරුවන් සඳහා එම වැටුප ලබාදීමට අපොහොසත් වන වතු සමාගම් සම්බන්ධයෙන් පියවර ගන්නා බවයි මෙහිදී අගමැතිවරයා පැවසීය.

එමෙන්ම ලාභ නොලබන වතු සමාගම් වල බදු ගිවිසුම් සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට සහ නව නීති ඉදිරියේදී සම්පාදනය කරන බවයි අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

Related posts

ඊශ්‍රායලයට යෑමට සිටින අයට දැනුම්දීමක්

Editor O

හැටන් වතු යායක පස්වරුවේ ඇතිවූ ගින්නකින් නිවාස 14 කට දැඩි හානි

Mohamed Dilsad

ඇමෙරිකාවේ නව ජනපතිට අග්‍රාමාත්‍යවරයා සුබ පතයි

Mohamed Dilsad

Leave a Comment