දේශීය

බෝගම්බර බන්ධනාගාරයෙන් පලාගිය රැඳවියා අත්අඩංගුවට

(UTV | මහනුවර) – නිරෝධායනය වෙමින් සිටියදී මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් ඊයේ (17) රාත්‍රියේ පලා ගිය රැඳවියා අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය කියා සිටියේය.

මහනුවර නගරයේ කාර්යාලයක් අසළ සැගව සිටියදී එම රැඳවියා අත්අඩංගුවට ගත් බව ද ඒ අනුව, ඔහු දින 14 ක අනිවාර්ය නිරෝධායන කාලයක් සඳහා යොමු කිරීමට නියමිත බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

ඊයේ රාත්‍රියේ පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පලායාමට තැත් කිරීමේදී රැඳවියෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් තුන් දෙනෙකු එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගනු ලැබීය.

 

Related posts

අද පස්වරු කාලයේ ප්‍රදේශ කීපයකට තද වැසි

Mohamed Dilsad

පළමු වටයේ සමස්ත ප්‍රතිඵළ ය මෙන්න.

Editor O

අප්‍රේල් 3 වනදා සිට විශ්‍රාම වැටුප් හා මාසික වැඩිහිටි දිමනා නිවසටම

Mohamed Dilsad

Leave a Comment