ගොසිප්

මිනිසුන් අතර බෝවිය හැකි තවත් වෛරසයක්

(UTV| බොලිවියා) – මිනිසුන් අතර ව්‍යාප්ත විය හැකි “චැපර්” නමැති තවත් භයානක වෛරසයක් බොලිවියාවෙන් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අනතුරු අඟවන්නේ මෙම නව වෛරසයේ බලපෑමෙන් පුද්ගලයින් මියයාමේ දැඩි අවදානමක් පවතින බවයි.

2014 – 2016 කාලසීමාවේදී අප්‍රිකාවට දැඩි බලපෑමක් එල්ල කළ ඉබෝලා වෛරසයට මෙම නව වෛරසය බොහෝ සමානකම් දක්වන බව ද සඳහන් වේ.

චැපර් නමැති මෙම වෛරසය හඳුනාගෙන ඇත්තේ බොලිවියාවේ ලාපාස්හි සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙකුට වැළඳී තිබියදීයි. අදාළ සෞඛ්‍ය සේවකයින් දෙදෙනා ශ්වසන අපහසුතාව මෙන්ම අධික උණ රෝගයෙන් පෙලීම නිසා ඔවුන් ඩෙංගු වෛරසයට ගොදුරුව ඇති බවට වෛද්‍යවරුන් පළමුව සැක පලකර තිබුණි.

නමුත් පසුව සිදුකළ ඔවුන්ගේ ජෛව සාම්පල අධ්‍යයනයේදී මෙය නව වෛරසයක් බවත් පුද්ගලයින් අතර ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බවත් අනාවරණවී තිබෙනවා.

මීයන් වැනි සතුන්ගෙන් මෙම වෛරසය ව්‍යාප්ත වන බවට විශ්වාස කෙරෙයි.

ඇමරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අනතුරු අඟවන්නේ කොවිඩ් 19 වෛරසයේ නිමාවෙන් පසු චැපර් නම් මෙම නව වෛරසය අනාගතයේ දී වසංගතයක් බවට පත්වීමේ ප්‍රවණතාවක් පැවතීම හේතුවෙන් මේ පිළිබඳ කඩිනම් අධ්‍යයනයක් කළ යුතු බවයි.

 

Related posts

කොරෝනාවෙන් බේරෙන්න ගවයින්ගේ මල මුත්‍රා නාන ඉන්දියානුවෝ [PHOTOS]

Mohamed Dilsad

යළිත් ඉන්ධන පෝළිම් ඇති වෙයි ?

Mohamed Dilsad

ශ්‍රී ලනිපයෙන් තනිව තරග කරන අය රාජපක්ෂවරුන් ගැන කියූ දේ [LETTER]

Mohamed Dilsad

Leave a Comment