දේශීය

බන්ධනාගාර රැඳවියන්ගේ උපවාසය අවසන්

(UTV |කොළඹ) – සිය නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල රැඳවියන් ගෙනගිය විරෝධතාව මේ වනවිට අවසන් කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය පැවසුවේ රැඳවියන්ගේ දුක් ගැනවිලි ලිඛිතව භාර ගන්නා ලෙස විෂය භාර රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කළ දැනුම්දීමත් සමඟ ඔවුන් මෙලෙස විරෝධතාව අවසන් කළ බවයි.

ඊයේ පස්වරුවේ සිට වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල රැඳවියන් විසි දෙනෙකු පමණ වහළය මත නැග මෙම විරෝධතාවට ගෙන ගියේය.

Related posts

දිවයින පුරා පාසල් හෙට ඇරඹෙයි

Mohamed Dilsad

රජය විසින් එළවලු කිලෝ ලක්ෂ 5 ක් මිළදී ගනී

Mohamed Dilsad

දිවයින පුරා වනජීවි නිලධාරින් වෘත්තිය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

Leave a Comment